මන්ත්‍රීවරුන්ට වාහන ගන්න රුපියල් මිලියන 12,500ක් වෙන් කළා කියන්නේ පට්ටපල් බොරුවක් – නලින්ද ජයතිස්ස
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ගැනීමට රුපියල් මිලියන 12,500ක් වෙන් කර ඇති බවට සඳහන් ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යයක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඒ අනුව, අයවැය තුළ සඳහන් ව ඇත්තේ පළාත් පාලන ආයතනවලට අවශ්‍ය වාහන, යන්ත්‍ර සූත්‍ර සඳහා රුපියල් මිලියන 12,500ක් වෙන් කර ඇති බව යැයි පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මෙය වැරදියට අර්ථකථනය නොකරන ලෙසත්, ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් 159ට වාහන අවශ්‍ය නොවන බවත්, අවශ්‍ය අයට පමණක් වාහන ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළා.

