ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් ශ්‍රී ලංකා රුහුණු විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථ මේනකා වාසල රාජපක්ෂ මැතිණිය පාණදුර නගර සභාවේ අභිනව ලේකම් ලෙස 2026.01.26 දින සිය ධූරයේ රාජකාරි බාරගන්නා ලදී.
මීට පෙර ප්‍රවාහන , මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සහකාර ලේකම් ධූරය ද හොබවන ලද එතුමිය දක්ෂ සහ කාර්‍යශූර නිළධාරිනියකි.
එවන් නිලධාරිනියකගේ පදවි ප්‍රාප්තිය බලාපොරොත්තුවෙන් සිටි පාණදුර ජනතාව බොහෝ පිරිසක් මෙම පුවතින් සතුටට පත්ව සුබ පැතීම සඳහා නගර සභාවට පැමිණි බව සැලවේ.
නව පදවි ප්‍රාප්තිය වෙනුවෙන් එතුමියට සුබ පැතුම් සමඟින් ජනතාවට මිත්‍රශීලී සාධාරණ රාජ්‍ය සේවයක නිරත වීමට ශක්තිය ධෛර්‍යය ප්‍රාර්ථනා කරමු.
