දුරස් වෙච්ච අය ඔක්කොම පොහොට්ටුවට ළං වෙනවා – නාමල් රාජපක්ෂ කියයි

January 23, 2026 

pahana news

මහා සංඝරත්නයට තර්ජනය කර රාජ්‍ය පාලනය ගෙනයන්නට ලාල් කාන්ත නා හිතනවා නම් එය සිහිනයක් බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කීය.

“අපි පක්ෂයක් විදියට අපේ වැඩපිළිවෙළ වෙනදා හා සමානව ඉතා සාර්ථකව ඉදිරියට යනවා.ඉතින් ඒ අනුව විශාල පිරිසක් පක්ෂය එක්ක එකතුවෙමින් පවතිනවා .ඒ වගේම පහුගිය කාලසීමාවේ යම් දේශපාලන කාරණා නිසා දුරස් වෙලා හිටපු බොහෝ පිරිසක් දැන් ශක්තිමත්ව අපේ වැඩපිළිවෙළ එක්ක එකතු වෙලා ඉස්සරහට යනවා.

මම පැහැදිලිවම ප්‍රතිපත්ති එක්ක කටයුතු කරන්නේ.අපි පක්ෂයක් විදියට පහුගිය කාලේ අපි දේශපාලන තීන්දු ගත්තා. ඉතිං ඒ දේශපාලන තීන්දු එක්ක අපි ඈත් වුණා. දුරස් වෙලා හිත් බිඳීම් වෙච්ච අය සියලු දෙනාම එකතු කරගෙන අපි ඉස්සරහට යන්න ඕන යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.