අවදානම් ප්‍රදේශවල පිහිටි පාසල් ආරක්ෂිත ස්ථානවල අලුතෙන් ස්ථාපිත කරන්න තීරණ කරයි
December 24, 2025 pahana news
අධ්‍යාපන අමාත්‍යාංශය සහ UNICEF ආයතනය එක්ව ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට පත් පාසල් පිළිබඳ සිදු කළ විමර්ශනයකින් අනතුරුව, කඩිනමින් යථා තත්ත්වයට පත් කළ හැකි පාසල් ප්‍රතිසංස්කරණය කිරීමටත්, අවදානම් සහිත පාසල් වෙනත් ආරක්ෂිත ස්ථානවල ස්ථාපිත කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරනවා .
’දිට්වා’ සුළි කුණාටුවෙන් හානි සිදු වූ බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ජාතික පාසල දෙසැම්බර් 24 වන දින නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ .
පැවති තද සුළඟ හේතුවෙන් ගසක් කඩා වැටී මුළුමනින්ම හානි වූ, කැටවත්ත යෝධ උල්පත ප්‍රජා ශාලාවේ පවත්වාගෙන ගිය පෙරපාසල නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යතුමිය, ආරක්ෂිත ස්ථානයක යළි එම පෙරපාසල ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා .
පෙරපාසල් ගුරුවරුන් සඳහා ලබා දෙන දීමනාව නිසි පරිදි ලබා දීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී ඇති අතර ආපදාවෙන් පසු පවත්වාගෙන යාමට නොහැකි වන සේ හානි වූ පෙරපාසල් පිළිබඳ සොයා බලා, එම ගුරුවරුන් හට දීමනාව අඛණ්ඩව ලබා දීමට අවශ්‍ය කටයුතු සැලසිය යුතු බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා .
අනතුරුව නායයෑම් හේතුවෙන් දැඩි හානි සිදු වූ පස්සර යූරි දෙමළ ප්‍රාථමික විද්‍යාලය ද අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට ලක් වී තිබෙනවා .
