උඩරට දුම්රිය මාර්ගය යළි යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය සේවකයින් කඩිනමින් වැඩ

December 6, 2025 

pahana news

උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය – ගම්පොල සහ බදුල්ල – අඹේවෙල දුම්රිය ස්ථාන අතර නැවත දුම්රිය ධාවනයට අවශ්‍ය පියවර මේ වනවිටත් ගනිමින් ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඒ අනුව, දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් ඒ සඳහා කඩිනමින් කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.