ආපදාවන්ට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල සියළු මන්ත්රීවරුන්ව ජනපති අනුර කැදවයි
pahana news
ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) උදෑසන 9.30ට විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවා තිබේ.
අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ, ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් රට තුළ ඇති වී තිබෙන ආපදා තත්ත්වයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අද දහවල් වනවිට මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ අදාළ අංශවල අමාත්‍යවරු මහනුවරට සහ නුවරඑළිය ප්‍රදේශවලට යැවීමට නියමිත බවය.
