මක්කම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරට ලක්වීමෙන් ඉන්දීය ජාතිකයින් 42 ක් මරුට

සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ඉන්දීය පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 42 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ බස් රථය ඉන්ධන ප්‍රවාහන බවුසරයක ගැටී ගිනි ගැනීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති අතර, බස් රථයේ සිටි පිරිසට පිටතට පැමිණීමට නොහැකි වී ඇති බවත්, එහිදී දිවි ගලවාගෙන ඇත්තේ එක් පුද්ගලයෙක් පමණක් බවයි සඳහන් වන්නේ.

මිය ගිය පිරිස අතර වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සහ දරුවන් වන අතර, ඔවුන්ගේ මෘත දේහයන් හඳුනා ගැනීමට නොහැකි වන පරිදි පිලිස්සී ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.