නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හැකි ඉක්මනින් මහජන මතය විමසීමට යොමු කරනවා – අධිකරණ අමාත්‍ය
නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හැකි ඉක්මනින් මහජන මතය විමසීම සඳහා යොමු කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.
අද (17) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සිංහල හා දෙමළ භාෂාවට පරිවර්තනය කරමින් තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
