2026 අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 118 කින් අද (14) පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබෙනවා.

ඒ අනුව, අයවැයට පක්ෂව ඡන්ද 160 ක් හා විපක්ෂව ඡන්ද 42 ක් ලැබුණු අතර, 08 දෙනෙක් ඡන්දය ලබාදීමෙන් වැළකී සිට ඇති බවයි සඳහන් වෙන්නේ.

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (15) සිට දින 17 ක් පැවැත්වීමෙන් පසු, අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 05 වන දින පස්වරු 6.00 ට සිදුකිරීමට නියමිතයි.