මේ තරම් ආණ්ඩුව බය වෙච්ච රැලියක් ලංකා ඉතිහාසයේ නෑ – උදය ගම්මන්පිල

November 20, 2025 

pahana newws

හෙට (21) නුගේගොඩ පැවැත්වීමට නියමිත ජන රැළිය, එය පැවැත්වීමටත් මත්තෙන් මේ වන විටත් ඉතිහාසයේ සාර්ථකම රැළිය බවට පත්ව අවසන් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

රැළිය සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය පිළිබඳව අදහස් දක්වමින් ගම්මන්පිල මහතා සඳහන් කළේ, මෙතරම් ආණ්ඩුවක් බියට පත් කළ වෙනත් රැළියක් ඉතිහාසයේ හමු නොවන බවයි.

ඔහු එහිදී මෙසේ අවධාරණය කළේය.

“රැළිය පවත්වන්නත් කලින් මේක ඉතිහාසයේ සාර්ථකම රැළියක් වෙලා ඉවරයි. මොකද මේ තරම් ආණ්ඩුවක් බියට පත්කළ තවත් රැළියක් ලංකා ඉතිහාසයේ කිසිම දිනක වාර්තා වෙන්නෙ නෑ.”