දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය හමුවූ සිද්ධියට සජබ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගනියි

November 21, 2025 

pahana news

දකුණු මුහුදු තීරයේ දී අද (20) මත්ද්‍රව්‍ය සමග ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමේ සිද්ධියට අදාළව එක් අයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ, පන්නල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය හිටපු මන්ත්‍රීවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6දෙනා අද පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය. 

ආරක්ෂක අංශ වෙත ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම ධීවර යාත්‍රාව සොයාගනු ලැබීය.

අදාළ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය පාර්සල් 15ක් තිබී හමු වූ අතර, එහි හෙරොයින් කිලෝ 300ක්, අයිස් කිලෝ 100ක් මෙන්ම ගිනිඅවි 02ක් ද තිබී ඇත.