එක්සත් අරාබී එමීර් රාජ්‍ය්‍ය ලබා දුන් මානූෂීය ආධාරවලට ජනපති අනුර ස්තූතිය පුද කරයි

December 20 2025 

PAHANA NEWS

මෑතකදී දිවයින පුරා ඇති වූ දැඩි වර්ෂාපතනය සහ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ලබා දුන් කඩිනම් මානුෂීය ආධාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ස්තූතිය පුද කර ඇත.

ජනාධිපතිවරයා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් (Sheikh Mohamed bin Zayed Al Nahyan) මහතා අතර (19) වන දින පැවැති දුරකථන සංවාදයකදී මෙම කෘතඥතාව පළ කෙරිණි. ආපදා අවස්ථාවන්හිදී ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සිය ප්‍රසාදය පළ කළේය.