අනේ ප්ලීස්! අපේ රටට උදව් ලබාදෙන්න කියලා ලෝකේ හැමෝගෙන්ම මම ඉල්ලනවා – සජිත්

December 9, 2025 

pahana news

මේ ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත සහ ව්‍යාපාර නැවත සවිබල ගන්වන තුරු, 2028 ණය ගෙවීම කල් දමා ගන්නා ලෙසත්, පවතින IMF ගිවිසුම වෙනස් කර ගන්නා ලෙසත් තමා කියූ කතාව ජනාධිපතිවරයාට විහිළුවක් වූවාට, එය සැබෑ යථාර්ථය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ජනාධිපතිවරයා, ‘අනේ Please’ යැයි නොකියා මේ අවස්ථාවේ සිදු කළ යුත්තේ IMF එක සහ ලෝකයේ රටවල් සහ මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කර ණය ගෙවීමට සහන ලබා ගැනීම බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

එසේම මේ තත්ත්වය තුළ, 2028 දී විදේශ ණය ගෙවනවා යැයි කීම යථාර්ථවාදී නොවන බවට IMF එකට පෙන්විය යුතු බවත්, තමා මේ දේ පවසා සිටින්නේ කුණාටු ආපදා තත්ත්වයට පෙර සිට බවත් ඔහු පෙන්වා දෙනවා.

රජය ‘අනේ Please’ කියමින් මේ කරන්නේ මිනිස් ජීවිත සමඟ විහිළු කිරීම බවත්, මිනිස් ජීවිත සමඟ දැන්වත් විහිළු නොකර සැබෑ යථාර්ථය හඳුනාගෙන මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කර සහන ලබාගත යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.